හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

සුළු සුළු අඩුපාඩු පැවතියද, වත්මන් රජය පෙර පැවති රජයන්ට වඩා දහස් ගුණයකින් හොඳ තත්ත්වයක තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

දූෂිතයන් ආරක්ෂා නොකර සිටීම සඳහා වත්මන් රජයට කොන්ද පණ ඇති බව උත්සවයක් අමතමින් මෙතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මින් පෙර, මුදල් හෝ බලය ඇති අයට ඕනෑම සොරකමකින් බේරෙන්නට හැකි වූ නමුත්, වත්මන් ආණ්ඩුව එවැනි “පස්ස දොරෙන්” බේරී යෑම් අවස්ථා නවතා ඇති බව ඔහු පෙන්වා දී සිටියේය.

පවතින දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙන ගොස් පාලනය කරන්නේ රාජපක්ෂවරුන් බවත්, අයියලා, මල්ලිලා, තාත්තලා, බාප්පලා, පුත්තු ඔක්කොම එකතු වී මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

දූෂිතයන්ට මෙය රස වැටුණු පසු, “කොටියාට ලේ රහ වැටුණා” හා සමානව, හිර ගෙවල් දහසක දැම්මද ඔවුන් එය අත් නොහරින බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.