විශ්ව විද්‍යාල වෘත්තීය සමිති

විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වූ අඛණ්ඩ වැඩ වර්ජනයේ නියුතු පාර්ශවයන් විදිහට අපි සියලු දෙනා බලාපොරොත්තුවෙන් හිටියා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලැබෙයි කියලා.

නමුත් අපට ලැබිච්ච තොරතුරු අනුව අවාසනාවට අමාත්‍ය මණ්ඩල සංදේශයන් විසඳුමක් ලැබිලා නැහැ. කෙසේ වෙතත් විසඳුමක් නොලැබීම තුල මේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අපට දිගටම ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙනවා.

ඒ වගේම වෘත්තීය සමිති නිලධාරීන් ඒකමතික තීරණයකට පැමිණුනා, මේ දක්වා අපි විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් පවත්වාගෙන ආ අත්‍යවශ්‍ය සේවා සියල්ලෙන් ඉවත් වෙන්න. මේ සම්බන්ධයෙන් සිදුවන හානිය සහ විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන භෞතික හානිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකීම පාලන අධිකාරිය සහ රජය දැරිය යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>