කීර්ති තෙන්නකෝන්

නවතම මහබැංකු දත්ත අනුව අද වන විට විදේශ මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.9 දක්වා ඉහළ නැගලා තියෙනවා. ලංකාවේ විදේශ මුදල් සංචිත වැඩිවෙමින් තියෙන්නේ ලංකාව බහු පාර්ශවික සහ ද්වී පාර්ශ්වික පාර්ශවයන් වෙත ගෙවිය යුතු ණය මුදල් ගෙවීමෙන් පස්සේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත් උනාට පස්සේ අද දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1338.8ක් ගෙවලා තියෙනවා.

ලංකාවේ බොහෝ දේශපාලන විචාරකයෝ කියනවා අද වෙනකොට රුපියල ස්ථාවරත්වයකට පත්වෙලා තිබෙන්නේ ලංකාව ණය සහ පොලිය ගෙවීම පැහැර හැරලා තියෙනවා කියන කාරණය මත කියලා. මේක පට්ටපල් බොරුවක්. මේ සියලුම ඩොලර් සහ විදේශ මුදල් ගෙවීම් අවසන් කරාට පස්සේ තමයි මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 4.9 දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>