ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ශණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උඩුදුවමින් පැවති ගැටළු බොහොමයකට විසඳුම් ලබාදෙන බව අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කලේ 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්තාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනුයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලයෙන් ලබාදෙන ආබාධිත දීමනාව රුපියල් 7,500/= සිට රුපියල් 10,000/= දක්වා අප්‍රේල් මාසයේ සිට වැඩිකරන බවයි,
