පා. ම. නාමල් රාජපක්ෂ

මේ රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන්න ඕනේ. සමහරු හිතන් ඉන්නවා ජාත්‍යන්තර සංවිධාන වල අවශ්‍යතාවය මත පමණක් දේශපාලන තීන්දු ගැනීම තුළ පමණයි ඒ අයට ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියලා.

අපි අදටත් විශ්වාස කරනවා මේ මහපොළොවේ යථාර්ථයක් බවට පත්කළ හැක්කේ, අපේ රටට ගැලපෙන, අපිට ඔබින, අපිට ආවේණික වුණු ආර්ථික ප්‍රතිපත්තියක් පමණයි කියන එක. අන්න ඒ නිසා අපි හැමදාම විශ්වාස කරන්නේ අපේ ගොවියා අපි ආරක්ෂා කරන්න ඕන.

ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් හැමදාම අපි අපේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයන් ආරක්ෂා කරේ. අපි අද විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්තිය නවීකරණය විය යුතු තැන් තියෙනවා. මේ රටේ රාජ්‍ය සේවයත් නවීකරණය වෙන්න ඕනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>