පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමාට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. රට බංකොලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕන ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්නත්, ඒ වගේම රටේ දේවල් වෙනස් කරන්නත්, එයාගේ දේශපාලන වාසි සඳහා දේවල් කරන්නත් බැහැ.

අපේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අගමැතිතුමා එනවා වෙසක් කොහොමද වෙන්නේ කියලා බලන්න. පන්සලකට සත පහක් දීලා නැහැ. එක විහාරස්ථානයකටවත්, සත පහක්වත් නොදී මේ වෙසක් වෙන්නේ කොහොමද කියලා බලන්න එන්නේ.

ජනමතයන් නැති මේ ආණ්ඩුවයි, ජනාධිපතිතුමයි මොන විදිහේ උප්පරවැට්ටි දාන්න හැදුවත් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලන්නේ නෑ කියන එක තමයි මගේ අදහස.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>