හිටපු ආයෝජන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයවලුන්ට, 2014දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි සංවත්සරය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ අරමුදල් භාවිතයෙන් දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය හමුවේ භාර දී තිබේ.
