අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප 05ක් මත ඔවුන් මුදාහැර ඇති අතර, ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
