රුපියල් ලක්ෂ 350කට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලෙස නියෝග කර ඇත.

එම නියෝගය අනුව, රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප තුනක්, විදේශ ගමන් තහනමක් සහ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවද සඳහන් වේ.