පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍යට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ දින ස්වාමින් වහන්සේ නමක් කල පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේදී සාවස්තිපුර ප්‍රදේශයේදී 39 හැවිරිදි මෙම හිමිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.මෙයට හේතු වී ඇත්තේ විවිධ ආගමිකයින් අතර ආගමික සංහිදියාවට බාධාවක් වනසේ ප්‍රකාශ කිරීමත් මෙය ජාතික ආරක්ෂාවට පවා යම් කිසි තර්ජනයක් ඇති වීමට හැකි බව නිරීක්ෂණය වූ නිසා අත් අඩංගුවට ගැනීම සිදු කල බවත් ය. ජූනි මස හත්වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු අධිකරණය මගින් නියෝග කර ඇති බව හා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින් >>>>>>>>>>