විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද(17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව බව රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදිය.
රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහපයක් සමඟ එක්ව, අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමතව ඇත.
විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය,වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය,විශ්‍රාමිකයන් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය,වැන්දඹු සහ අනත්දරු ක්රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය හා ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අමුදල් ක්‍රියාවලිය යන අංශ පහ එයට ඇතුළත්ය.