වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව – JCT Oil Bank) හි නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

මෙහි මූලික ව්‍යාපාරය වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම යි.

ඉල්ලුමට අනුව සේවා සැපයීම සඳහා දැනට ඇති තෙල් ටැංකි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද තාක්ෂණය ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් යෝජිත තෙල් ටැංකි ගොඩනැගීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස සභාපතිවරයාට පවසන ලදී.

මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් ටැංකි වෙත තෙල් සැපයීම හා නැව් වෙත නැවත තෙල් ලබා දෙන නල පද්ධතිය ආරම්භවෙන දකුණු ජැටිය ද නිරීක්ෂණය කරන ලදී.

අවසානයේ දී ආයතනයේ සාමාජිකයන් සමග සුහද කතා බහක නිරතවුණු නියෝජ්‍ය ඇමතිවරයා අතීතයේ දී මෙම ආයතනය විව්ධ දේශපාලකයන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීම සදහා යොදාගත්ත ද අනාගතයේ දී එසේ නොවන බව ද දීර්ඝ කාලීන රාජ්‍ය ප්‍රතිපත්තියක් සමග රජය ක්‍රියාත්මක වෙන බව ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඔවුන්ගේ වර්ෂ අවසාන ප්‍රසාද දීමනාව(Bonus) ලබාදිමට කඩිනම් පියවර ගන්නා බව ද දන්වන ලදී.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>