සංක අබේවර්ධන

මොවුන් බලයට පත් වෙලා කිසිම ආකාරයකට මේ පද්ධතියේ තියෙන ප්‍රශ්න ටික විසඳන් නැතුව පෙබරවාරි මාසේ උදේ එකොළහකට විතර දවසක් මුළු රටේම විදුලිය විසන්ධි වෙන්න ඉඩ ඇරියා. ඒකට හේතුව වුණේ වික්ටෝරියානු බලාගාරය ක්‍රියා විරහිත වීම. නමුත් ආණ්ඩුව මුලින් රිලව් කිව්වා. පස්සේ කිව්වා සූර්ය බලය වැඩියි කියලා. පෙබරවාරි විදුලි බිල වැඩිවීම හින්දා රුපියල් බිලියන අටයි දශම තුනක් පාඩු වෙලා තියෙනවා. ඒ අතරතුරේ අප්‍රේල් එකොළහ ඉඳලා අප්‍රේල් විසි එක දක්වා මේ ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති සැපයුම ජාතික පද්ධතිය විසන්ධි කිරීමට නීති විරෝධී තීරණයක් ගත්තා. කල්පනා කරලා දළ වශයෙන් ගණන් හදලා බැලුවහම එහි පාඩුව බිලියන අටක්. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වියදමට සාපේක්ෂ විදුලි බිලක් ගේන්න ඕනැයි කියලා කිව්වයි කියලා ඒ යෝජනාවකට මුවාවෙලා, මේ ආණ්ඩුව ලංකාවේ බලශක්ති පද්ධතිය, ගල් අඟුරු මාෆියාවට, ඩීසල් මාෆියාවට, ඉන්දියාවේ අදානිට පාවලා දෙන්න ගත්ත තක්කඩි තීරණයේ බර මිනිස්සුන්ට පටවන්න ලෑස්ති වෙනවා.

සංක අබේවර්ධන මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>