නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරි මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියැදුරු බලපත්‍ර නිකුත් කරන බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කර සිටියා.

දැනට මුද්‍රණය කිරීමට පවතින රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න වේ.

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය සහ හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධ්‍යස්ථානවලදී රියැදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.