අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද (18) අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මගින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙත චෝදනා එල්ල කර තිබෙනවා.