පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ

පසුගියදා දරුවෙකුට මාරාන්තික ලෙස පහර දෙනවා සමාජ මාධ්‍ය තුළින් අපි දැක්කා. අම්මා කියන කාන්තාවත් එතන බලාගෙන ඉන්නවා. මේ පිළිබඳව මුළු රටක් අද කම්පාවට පත්වෙනවා. මේ දරුවාගේ ජීවිතේ බොහොම සියුම් විදිහට විනාශයට පත් කරලා ඉවරයි.

අද මේ වෙනකොට අපි ළමා හා කාන්තා කාර්යාංශය හරහා පොලීසි වලට දැනුම් දීලා තියනවා. වෛද්‍යවරයා නිගමනය කරනවා මේ දරුවාට මාරාන්තික පහරක් වැදිලා තියෙනවා කියලා. සියලුම මාධ්‍යයන් මේක ගැන ඉතාම ඕනෑකමින් සොයලා බැලුවා.

සමාජ මාධ්‍යයන් බොහෝ වෙලාවට මිනිස්සු වැරදිකාරයෝ හැටියට හිතනවා . නමුත් සමාජ මාධ්‍ය තුළින් තමයි අපිත් මේ දේවල් දැනගත්තේ. මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව මීට වඩා තරවිය යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>