හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ යෞවන සමාජය දේශපාලනය සඳහා නොව, තරුණ තරුණියන්ගේ එක්රැස්වීම, විනෝදාංශ හා කලා ක්‍රියාකාරකම් සඳහා ආරම්භ කළ බවයි. වසර 40කට පසු, යෞවන සමාජය රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර, සමහරු දේශපාලනයට, අනෙක් අය ව්‍යාපාරවලට යොමු වී ඇති බවත් ඔහු සඳහන් කළා.

නව සංශෝධන පිළිබඳ ගැටුම් හේතුවෙන් උද්ඝෝෂණ ඇති වී ඇති අතර, මෙය දිගත් වුවහොත් ව්‍යාපාරය පිරිහිය හැකි බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළා.