ජනපති

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, 
අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට  කාලය කිසිදු බාධාවක් නොවන බවත් පෙන්වා 
දුන් ජනාධිපතිවරයා අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව 
දඩුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධි අවිආයුධ 
යෙදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට 
විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, තම රාජකාරිය 
නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට  රජය කටයුතු කරන බවත්, 
ඒ වෙනුවෙන් නොබියව පෙරට එන ලෙස ආරාධනා කරන බවත් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “නීතිය සුරකිමු – 
සාමය අගයමු” තේමාව යටතේ අද (03) පස්වරුවේ තිඹිරිගස්යාය, පොලිස් 
ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.