දිලීප විතාරණ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව
කාන්තා කටයුතු අමාත්යංශය මාර්තු මස අටවෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න සතියක් නම්කර ඇතිබව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දිලීප විතාරණ පවසා සිටිනවා. ඔහු වැඩි දුරටත් සදහන් කලේ අද(05) දින පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය ගැන කතා කිරීමට සහ එය වැළැක්වීම සඳහා පියවර ගැනීමට යොදාගෙන ඇති බවයි.
“අපි මගී ජනතාව අතරත් ලොකු ප්‍රචාරයක් ඇති කරන්න යනවා කවුරුහරි වින්දිතයෙක් හිටියොත් එයා වෙනුවෙන් පෙනී හිටින්න, එයා වෙනුවෙන් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්න කියලා. අපි මේකට නීතිඥයින් කණ්ඩායමකුත්, ස්වේච්ඡාවෙන් වැඩකරන කණ්ඩායමකත් ගොඩනගන්න තීරණය කරලා තියෙනවා.”
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දිලීප විතාරණ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>