තිස්ස අත්තනායක

මීට මාස කීපයකට ඉස්සරවෙලා වේදිකා වල කිව්වේ ඉන්ධන මිල නියම කිරීම හරහා විශාල ලාභයක් රජය ලබනවා විතරක් නෙවෙයි ඒ මුදල් හොරකම් කරන්නත් යොදාගෙන තිබෙනවයි කියලා. අපේ වරායට ඉන්ධන ගේන මිලට තවත් කීයක්හරි එකතු කරලා ජනතාවට දීමෙන් රුපියල් සියයක් පමණ එකවර අඩු කරන්න පුළුවන් කියලා සමහර අය වේදිකා වල කිව්වා. හැබැයි අද ඒ ගැන කතා කරන්නේ නැහැ. ගියවර මිල සංශෝධනයේදී යන්තම් සොච්චමක් මිල අඩු කරා. හැබැයි මේ මාසේ සංශෝධනය වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නේ. අපි කියනවා ආණ්ඩුවට පුළුවන් නම් ඒ මිල අඩු කරලා ජනතාවට දැනෙන විදිහට ඒ මිලේ සංශෝධනය ඇති කරන්න. එහෙම නැත්නම් මේගොල්ලෝ තවදුරටත් මුදල් උපයන මාර්ගයක් හැටියට ඉන්ධන භාවිතා කරනවා නම් අපි ඒකට දැඩි විරෝධය අපි පල කරන්න ලෑස්තියි.

තිස්ස අත්තනායක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>