පළාත් සභා මැතිවරණය ප්‍රමාද වී ඇති පසුබිමක, පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් හයක් මධ්‍යම රජයට පවරා ගැනීමට යෝජනා කිරීම ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී ශාණක්යන් රාසමාණික්කම් මහතා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
මන්නාරම, මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය, ගම්පහ සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල් එම යෝජනාවට ඇතුළත්ය. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජාතික රෝහල් මට්ටමේ සේවාවක් සැලසීම යෝජනාවේ අරමුණ බව අයවැය කතාවේ සඳහන් වේ.
පළාත් සභා මැතිවරණය ගැන අයවැය කතාවේ සඳහනක් නොමැති බව පෙන්වා දුන් රාසමාණික්කම් මහතා, මෙවැනි පවරා ගැනීම් හරහා පළාත් සභාවල බලතල අඩු වන බවට චෝදනා කළේය.





