නාවලපිටිය නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට අංක 02 ස්වාධීන කණ්ඩායම සමත් වී තිබෙනවා.
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය වන චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන (25) රැස්වූ බවයි සඳහන් වන්නේ.
එහිදී, නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස අංක 02 ස්වාධීන කණ්ඩායම යටතේ ඉදිරිපත් වූ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර තේරීපත් වී ඇති අතර, උප නගරාධිපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ ඉදිරිපත් වූ කේ. සුරේෂ්වරන් තේරීපත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගයෙන් තිලක් අමරසිරි සිරිසේන නගරාධිපති ධුරය සඳහාත්, හේවගේ ප්‍රසන්න උප නගරාධිපති ධුරය සඳහාත් යෝජනා කළ අතර, පැවති විවෘත ඡන්දයෙන් ඔවුන් දෙදෙනාටම ලබාගත හැකිවූයේ ඡන්ද 05 ක් පමණයි.
