හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කළ ක්‍රිෂ් ගණුදෙණු නඩුව දෙසැම්බර් 18 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියි.
ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රු. මිලියන 70ක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට ඔහුට චෝදනා කෙරෙනවා.





