මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා
නවක වදය කියලා කියන්නේ කෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන, වද හිංසනයක්. එය කායිකවත්, මානසිකවත්, මේ වද හිංසනය කෙනෙක්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ලංකා නීතියේ ඉතාම පැහැදිලිව තියෙනවා නවක වදයට සම්බන්ධ වීම සම්බන්ධව දෙන දඬුවම කුමක්ද කියන එක. මේ නීතියෙන් කියන පැහැදිලිම දේ තමයි නවක වදයට යම්කිසි කෙනෙක් සම්බන්ධ වෙනවා නම්, අනුබල දෙනවා නම්, ඒ වාගේම නවක වදයේ ක්‍රියාවේ යෙදෙනවා නම්, අන්න ඒ වගේ කෙනෙක්ව පොලිසියට පුළුවන් අත්අඩංගුවට අරගෙන, එයාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරලා, ලඝු කාර්ය නඩු පටිපාටිය අනුව අවුරුදු දෙකක බන්ධනාගාරගත කිරීම් කරන්න. ඒ වගේම නවක වදයට එළඹෙන, තැනැත්තන්ට අර නවක වදයට හසුවුණ අයට එරෙහිව වන්දි පවා ගෙවන්න ඕනේ. ඒ වගේම මේකේ දෙක වගන්තියේ කියනවා, යම්කිසි කෙනෙක් නවක වදය මුවාවෙන් ලිංගික හිංසනයක්, ලිංගික අඩත්තේට්ටම් කමක් කරනවා නම්, තවත් කෙනෙකුට අවුරුදු දහය දක්වා සිර දඩුවම් දෙන්න පුළුවන්.
මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා නවක වදය සම්බන්ධයෙන් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>