ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද දින (14) ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂය නියෝජනය කරන මහා ලේකම් සාගර කාරියවසම් මහතා විසින් සිදු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.