සංජීව එදිරිමාන්න.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසන්නේ, වත්මන් ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ වැරදි මාවතක බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මුහුණ දුටු විට පවා මෙය පැහැදිලි වන බව ඔහු කියා සිටී.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විපක්ෂයේ සිටි සමයේ තිබූ ජවය දැන් ආණ්ඩුවට නොමැති බවත්, මුහුදේ මාළු ඇල්ලීමට App එකක් ගැන කතා කළ ආණ්ඩුවට, ධීවරයන්ට නිවැරදි කාලගුණ වාර්තාවක් හෝ ලබා දීමට නොහැකි වී ඇති බවත්ය.
