නාමල් කුමාර

ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා රාජාසන කතාව ප්‍රකාශයට පත් කරමින්, ප්‍රතිඥාවක් ලබා දෙනවා, ලංකාවේ කිසිඳු විදිහක ජාතිවාදී, අන්තවාදී ක්‍රියාවන් සිදුවීමට එතුමාගේ පාලන කාලය තුළ ඉඩ හසර ලබා නොදෙන බවට. ඒ කතාව සිදු කරලා, පැය ගානක් යන්නත් මත්තෙන් මහජන ඡන්දයෙන් පත්වෙලා, පාර්ලිමේන්තුවට පැමිණි, රාමනාදන් අර්චුනා කියන පුද්ගලයා, ප්‍රකාශයක් නිකුත් කරනවා, මගේ දෙවියෝ තමයි ප්‍රභාකරන් කියන්නේ. ඒ නිසා අපි ඔහුව අදහනවා කියලා.

මේ ප්‍රකාශය පැහැදිලිවම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පටහැනි ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයෙන් ඔහු නැවතුනේ නෑ. දිලාන් මායාදුන්න කියන මාධ්‍යවේදියා සමඟ තිබුණු වැඩසටහනේදී ඔහු දැවැන්ත බරපතල ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා සත්‍ය දේවල් කතා කරන්න බෑ. සත්‍ය දේවල් කතා කරොත් අපිව හමුදාව, පොලිසිය, CID එක උස්සගෙන ගිහිල්ලා මරනවා කියලා කියනවා. ඉතින් මේක පැහැදිලිවම යුධ හමුදාවට එල්ල කරන දැවැන්ත චෝදනාවක්. ඒ නිසා මේවා පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන්න ඕන.

නාමල් කුමාර මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>