ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැමිණියා.
මෙය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් 18–21 දක්වා සංවිධානය කර ඇති අතර කර්මාන්ත ක්ෂේත්‍ර 25 නියෝජනය කරන ප්‍රදර්ශන කුටි 450ක්, නවෝත්පාදන කලාප, පාසල්-විශ්ව විද්‍යාල නිර්මාණ, ONE STOP සේවා කුටිය, සහ NERD මධ්‍යස්ථානය ඇතුළත්ය.
මෙහි අරමුණ රටේ කර්මාන්ත හා අපනයන මූලික ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම, ව්‍යවසායකයින්ට නව අවස්ථා හඳුන්වා දීම, වෙළෙඳ සබඳතා විවෘත කිරීම සහ නව තාක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමයි.






