රංජිත් මද්දුම බණ්ඩාර

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ තමන්ගේ දේශනය කරද්දී අපි දැක්කා පැය විසි හතරෙන් ජනතාවට සහන දෙනවා, පැය විසි හතරෙන් කටයුතු කරනවා කියල කිව්වා. එහෙම කියපු ජනාධිපතිවරයා දැන් මාස හයක් කල් ඉල්ලලා තියෙනවා ජනතාවට සහන දෙන්න. විශේෂයෙන් එතුමා කතා කරද්දි කිව්වා අයවැය ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මාසේ කියලා. අපි අහනවා අද නොවැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ මේ අයවැය ඉදිරිපත් කරන්න තිබ්බා නේද? රජයේ සේවකයින්ට පඩි වැඩි කරන්න දුන්න පොරොන්දුව. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය නැති කරන්න දුන්න පොරොන්දුව, ඒ වගේම ගොවීන්ට ධීවරයින්ට සහන දෙනවා කිව්ව පොරොන්දුව තවම ඉෂ්ඨ කරලා නෑ. අපි අහන්නේ ජනාධිපතිවරයාගෙන් ඇයි මේ කල් මරන්නේ?

රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍යට දැක්වූ අදහස්.