මැතිවරණ කොමිසම

ඡන්ද ගණන් කිරීම අදියර තුනක් යටතේ සිදුවෙනවා. පළමුවෙන්ම එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම කරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාවයි. ඒත් එක්කම ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ලබා ගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධූර සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරනවා. ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය ප්‍රකාශ කරන්නේ ඒවා මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුවයි. ප්‍රතිඵල ලබාදෙනතුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>