ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අමතර ගුවන්තොටුපොලක් ලෙස භාවිතයට සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඇමතිවරයා පැහැදිලි කළේ, නිසි සැලැස්මකින් තොරව ඉදිකළ මෙම ගුවන්තොටුපොළ හේතුවෙන් දැඩි ආර්ථික හානියක් ඇතිව ඇති නමුත් එය පියවරෙන් පියවර දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි.
වනාන්තර සතුන්ගෙන් ඇතිවන බාධාවන් අවම කරමින් ගුවන්තොටුපොළ පරිසරය 70%ක් මෙතෙක් එළිපෙහෙලි කර ඇති අතර, ඉතිරි කොටසද ඉක්මනින් නිම කිරීමට සැලසුම් කර ඇත.
