කිසිදු අවස්ථාවක, කිසිදු මධ්‍යස්ථානයක ළූනුවල ප්‍රමාණය හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වීමක් සිදු නොවන බව ලංකා සතොස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග පවසා සිටියේ, ළූනු ගෙඩිවල වට මැනීමක් සිදු නොවන බව සහ ලූනු ගෙඩියක් කැපූ විට දැක්වෙන විශ්කම්භය සලකා මිනුම් ඉදිරිපත් කර ඇති බවය.

ක්ෂේත්‍රයේදී කිසිදු අවස්ථාවක ලූනු ගෙඩිවල විශ්කම්භය මැනීමක් සිදු නොකර, ඇසට පෙනෙන ආකාරයට මැනීම සිදුකරන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

අවම හා උපරිම ප්‍රමාණයන් ලෙස සීමාකර ඇත්තේ වඩා විශාල හෝ වඩා කුඩා ප්‍රමාණයේ ලූනු වෙළඳසැල් තුල විකිණීමට නොහැකි නිසා බව ළහිරු සමාංග වැඩිදුරටත් සඳහන් කර සිටියා.