ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි. ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වී, (24) බදාදා එරට වේලාවෙන් ප.ව. 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා හා ලෝක නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වන අතර, ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද එක්වීමට නියමිතය.