2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 55ක වටිනාකමින් යුත් ජීවනෝපාය සංවර්ධන උපකරණ ලබාදීම අද (28) දින සිදු කෙරිණි.
නිමි ඇඳුම් කර්මාන්තය, කුකුළු මස් වෙළෙඳාම, ශීත කළ ආහාර අලෙවිය හා වෙල්ඩින් කර්මාන්තය ඇතුළු ස්වයං රැකියා සඳහා අවශ්‍ය ශීතකරණ, අධි ශීතකරණ, ජුකී හා ඕවර්ලොක් මැෂින්, ග්‍රයින්ඩර් සහ සීලර් ඇතුළු උපකරණ මෙහිදී ප්‍රතිලාභීන් වෙත ලබා දී තිබේ.
මෙහිදී අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කරන ලද්දේ මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබන ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම රජයේ අරමුණ වගය.
මෙම ආධාර ලබාගැනීම හේතුවෙන් අස්වැසුම සහනාධාරය අහිමි වන බවට පවතින මතය අසත්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අස්වැසුම යනු සදාකාලික එසේම සහනාධාරයක් නොව, ජනතාව කෙටි කාලීනව සවිබලගන්වා ඔවුන්ගේම ආර්ථික ශක්තියක් ගොඩනඟා ගැනීමට උපකාර කරන වැඩසටහනක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.




