අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසයි.

2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයෙන් නව ආසාදිතයින් 88 දෙනකු වාර්තා වී ඇති අතර, ඉන් 78 දෙනකුම අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බව සඳහන් වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළාය. 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට සමස්තයක් ලෙස නව HIV ආසාදිතයින් 708 දෙනකු වාර්තා වී ඇති බව ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම 1987 වසරේදී මෙරටින් පළමු HIV ආසාදිතයා වාර්තා වූ කාලයේ සිට 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට සමස්ත ආසාදිතයින් 8,111 දෙනකු හඳුනාගෙන ඇති බවද වෛද්‍ය මාධවී ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.