ස්විස්ටර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 04ක වටිනාකමින් යුත් වෛද්‍යාධාර තොගයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ව්ස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් විසින් එම වෛද්‍ය ආධාර තොගය අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් ස්විස්ටර්ලන්තය විසින් ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ස්ව්ස්ටර්ලන්ත රජයට සිය ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.