ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසි වාරයේදී ඡන්දයකින් තොරව සම්මත කර ඇත.
මෙම යෝජනාව අනුව, ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාදාමය වසර දෙකකින් දීර්ඝ කරනු ලැබීය.
ඒ සඳහා රටවල් 22 ක් අනුග්‍රාහකයන් ලෙස අත්සන් කර ඇති අතර, එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස සිටී.






