අද (08) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 726 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,956 ක්.

මේ අතර ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ෙ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 22 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.