දැනට මතුව ඇති මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා චීනයෙන් ලැබීමට නියමිත ණය මුදල තවත් ඩොලර් මිලියන 150කින් වැඩි කර දෙන ලෙස ආණ්ඩුව ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ඇත.

චීන සංවර්ධන බැංකුවෙන් ආණ්ඩුව ඩොලර් මිලියන 700ක් ලබා දීමට එකගතාව පළ කොට තිබූ අතර දැනටමත් ඉන් ‌ඩොලර් මිලියන 500ක් ලංකාවට ලැබී තිබේ.

තවත් ඩොලර් මිලියන 200ක් ලැබීමට නියමිත අතර ආණ්ඩුව එම මුදල ඩොලර් මිලියන 350 දක්වා ඉහළ නංවන ලෙස‌ට ඉල්ලීමක් කොට ඇත.