Voicetube යූටියුබ් නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේ අද (09) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ කොවිඩ් 19 මර්දන සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය
සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ’ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහායි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් පැමිණිලි කර තිබෙනවා.