කොළඹ කොටස් හුවමාරුව චීනයේ කොළඹ පෝර්ට් සිටි සමාගම වන චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ හා විදේශීය සමාගම්වලට විදේශ විනිමය හා බැඳුම්කර කොටස් නිකුත් කිරීමට වේදිකාවක් බව ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදනයක කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කර තිබේ.

මෙම හුවමාරුව කලාපීය හා ගෝලීය ආයෝජකයන් සඳහා දොරටුවක් වශයෙන්ද හඳුන්වා තිබේ. කොළඹ පෝර්ට් සිටි කොමිෂන් සභා පනතේ ඒ තුළ වෙනම කොටස් වෙළඳපළක් ඇතිකිරීමේ අවස්ථාව ගැන සඳහන් ය.

එහෙත් ප්‍රශ්ණය ඇත්තේ එහි බලය ඇතැයි කියන පෝර්ට් සිටි කොමිසම මඟහැර. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමය. උපුටා ගැනීම – අනිද්දා පුවත්පත