15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද දින ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර එහිදී අදාළ දැරිය විසින් ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තවත් වෙබ් අඩවියක හිමිකරුවා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.