කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසුකර තිබේ.

ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බවය.