මේ මොහොතේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ වැටුපට, විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත තබමින් ජනතාව තවත් කබලෙන් ලිපට ඇද දමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

ඇති හැකි අයට දැවැන්ත බදු සහනයන් ලබා දී ආදායමෙන් සියයට තිහක් අහිමි කරගැනීමේ මුග්ධ ක්‍රියාවලියක යෙදුණු ආණ්ඩුව දැන් ඒ බර ජනතාවගේ හිසමත තබා වගකීම් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලීම් කරන බව ඒ මහතා පවසයි.

රාජපක්ෂ පාලනය විසින් පසුගිය රජය සමයේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන ද, පාඩු ලබන තත්ත්වයට පත් කර මේ වනතෙක් එකදු රාජ්‍ය ආයතනයක්වත් ලාබ ලබන තත්වයකට පත් කර නොමැති බව චම්පික රණවක මහතා පවසයි.

එපමණක් නොව රට තුළ නිෂ්පාදනයකින් තොරව රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නිසා භාණ්ඩ මිල සියයට පනහකින් පමණ ඉහළ ගොස් ඇති බවත් යහපාලන ආණ්ඩුව මගින් රටේ වැඩ කරන ජනතාවට මූලික වශයෙන් රුපියල් දහදාහක දීමනාවක් ලබා දී 20% බැගින් සෑම වසරකම මූලික වැටුපට එකතු කිරීමද රාජපක්ෂ ආණ්ඩුව මගින් කපා දමා දැන් රාජ්‍ය සේවකයාගේ වැටුපෙන්ද භාගයක් කපා දැමීමට සැලසුම් සකස් කරන බව ඒ මහතා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

” රාජ් ය සේවකයාට ලැබිය යුතු වැටුප් වර්ධක සියල්ලම නතර කරලා, එතනින් නොනැවතී අද කැපවීම් කරන්න කතා කරනවා. හැබැයි, මේ කාලේ තරම් වංචා, දූෂණ, මහා පරිමාණයෙන් අපි දන්නවා සිද්ධ වෙච්ච හැටි.

අපි හොඳටම දන්නා කාරණා ටික තමයි සීනි වංචාව පොල්තෙල් වංචාව ඒ වගේම ඩොලර් හිඟයක්, මේක මම අවධාරණය කරලා කියනවා, පොහොර ගෙන්නන්න බැරි උනේ අප්‍රේල් මාසෙදි ඩොලර් හිඟයක් ඇති වෙච්ච නිසා.

ඒ පොහොර ගෙන්නන්න ඩොලර් හිඟය ඇති වුණේ මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච දැවැන්තම වංචාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට දෙදාස් දොළහ, දහතුන කාලේ සිදුකරගත්තා වූ දැවැන්ත වංචාව. ඒ වංචාවේ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්නයි කියලා කෝප් කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාම පිළිගත්තා.

එහෙමනම් ඒ ඩොලර් බිලියනයක්. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල් බිලියන දෙසීයකට අධික ප්‍රමාණයක දැවැන්ත පාඩුවක්, විනාශයක් කරපු ශ්‍රී ලංකන් එකට ඩොලර් මිලියන පන්සීයක් ලබා දෙන්න තීරණය කළා මාර්තු මාසෙදි, කැබිනට් මණ්ඩලය. ඒකෙන් දෙසිය හතළිහක් දුන්නා ශ්‍රී ලංකන් එකට. මේ තමන්ගේ ඥාතියා කරපු ජාවාරම යටගහන්න.

මොකද උනේ? පොහොර ගෙන්න සල්ලි නැති වුනා. ඒ අනුව තව මාසෙකින් අපිට බලාගන්න පුළුවන් තේ කොළ වල අස්වැන්න දැනටම අඩු වෙලා තියෙනවා. පොල් අස්වැන්න අඩු වේගෙන යනවා. රබර් අස්වැන්න කුරුදු අස්වැන්න අඩු වේගන යනවා. එළවළු, පලතුරු අස්වැන්න අඩු වේගන යනවා. ඊළඟ මහ කන්නයේදී අපිට පෙනෙයි කුඹුරු අස්වැන්නට වෙන දේ.

ඒ නිසා තමන්ගේ ජාවාරම්කාර ඥාතියා ආරක්ෂා කරන්න. රටේ වටිනා විදේශ විනිමය කාලකන්නි විදිහට පාවිච්චි කරලා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. ඒ නිසා කැපවීම් කරන ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට නැති බව ප් රකාශ කරන්න ඕන.

ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ඔබේ ශ් රමයෙන්, ඔබේ දහඩියෙන් මේ රජයේ බොහෝ සේවාවන් අදටත් ගෙනියන්නේ ඔබ බොහෝ දුරට අනතුරට ලක් වෙලා තියෙනවා, ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා මේ කොරෝනා එක නිසා ඔබේ දූ දරුවෝ ඇතුළු සියලු පිරිස් අපහසුතාවයට පත් වෙලා තියෙනවා, ඔබේ පඩිය අද කන්න ලෙවකාලා කන්න වත් නොහැකි තත්වෙට ඔබව පත් කරලා තියෙනවා, ඔබේ ජන්දය සියට හැත්ත පහක් ලබා දුන්නේ මේ ආණ්ඩුවට, මේ නායකයට, හැබැයි ඔබ ගැන කිසිම කම්පනයක්, සහ කම්පනයක් ඔවුන්ට නෑ.

ඒක නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී දේශපාලන භේදයෙන් තොරව සංවිධානය වෙන්න. මේ එන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ එන්නේ ඉදිරියේදී රජයේ වැටුපට සේවකයාගේ රජයේ සේවකයා හිටපු විශ් රාමිකයාගේ වැටුපට ඒ වගේම බැංකුවල දාල තියෙන අපේ යම් යම් ගිණුම් වලට අත තියන්න රාජපක්ෂලා මේ එන්නේ. ඊළඟ පියවරවල් ටික ඒකයි. ඒක නිසා ඒක ගැන මනා අවබෝධයකින් යුතුව සංවිධානය වෙලා කටයුතු කරමු කියන එක මුළු රාජ් ය සේවකයන්ගෙන්ම ඉල්ලා හිටිනවා.

විශේෂයෙන්ම රාජ් ය අංශයේ ආයතන ලාභ කරලා රාජ් ය සේවකයාට වැටුප් වර්ධක ලබා දීලා, ලබා රාජ් ය සේවකයාව සතුටින් තබපු අමාත් යාංශය මෙහෙයවපු කෙනෙක් හැටියට අපි බොහොම වගකීමෙන් ප් රකාශ කරනවා. මේ කාරණයේදී ඔබ සියලු දෙනාගේම සංවිධානය අත් යවශ් යයි. මේ එන්නේ ඔබේ වැටුපට, විශ් රාම වැටුපට, ඔබේ ගිණුමට, අර්ථසාධකයට අත තියන්න කියන එක මේ අවස්ථාවේ බොහොම වගකීමෙන් ප් රකාශ කරනවා.”