ශක තුනකට වැඩි සිය දේශපාලන ගමන්මග තුළ මංගල සමරවීර මහතා තමන් විස්වාස කළ දේශපාලන දර්ශනය වෙනුවෙන්, කුමන බාධක මැද වුවද උඩුගම් බලා පිහිණූ දේශපාලන චරිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ බිහි වූ විප්ලවීය දේශපාලන චරිතයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි පුද්ග‍ලයෙකු වූ සමරවීර මහතාගේ අභාවය පිළිබඳ පුවත සැළවීමෙන් තමා දැඩි කම්පනයටත් බලවත් ශෝකයටත් පත් වූ බව ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.