ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු – වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි.

මෙම සත්‍යග්‍රහය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස සිදු කරනු ලබයි.

මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය උපදෙස්වලට අනුව වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන අතර ගැටලු විසදීම ප්‍රමාද කළහොත් සියලු වෘත්තීය සමති එක් කරගනිමින් කර ගනිමින් දැඩි වෘත්තය සමිති ක්‍රියාමාර් දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.