වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය. – 07.08.2025

වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව වාහන ආනයනය සීමා නොකරන බව ද , වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. එතුමා ඒ බව අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියා.