විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප – 07.08.2025

රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.