දිට්වා ආපදාවෙන් හානි වූ ඌව යටිතල පහසුකම් යථාවත් කිරීමට විශේෂ සැලැස්මක්. – 12.07.2026

දිට්වා ආපදා තත්ත්වයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවූ හානි සහ යටිතල පහසුකම් කඩිනමින් යථාවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (10) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ආපදාවෙන් හානියට පත් මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතුවලදී මතුවිය හැකි ගැටලුවලට කඩිනම්...