මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනිවාර්යයෙන්ම එල්ලා මැරිම පවක් නොවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් විනාශ කරන්නේ ජාතියක් බවය. එල්ලා මැරීම සඳහා නියමිත පිරිමි සිරකරුවන් 805 ක් හා ගැහැනු සිරකරුවන්...

